Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සරසවි ආචාර්ය-මහාචාර්යවරුන් 1131ක් විපක්ෂනායක වටා එක් වෙති


2024-03-22 14883

 

"සමගි බුද්ධි මණ්ඩපය" වැඩ අරඹයි 

 

පළමු මහා සංවත්සරය අප්‍රේල් 07 වැනිදා කොළඹ දී 

 

"දේශපාලන පක්ෂයක් සතු විශාලතම බුද්ධි කවය සමගි බුද්ධි මණ්ඩපයයි"

 

රට ගොඩනගන ප්‍රතිපත්ති සම්පාදනය අරමුණයි    

 

 

රට පුරා පිහිටි විශ්ව විද්‍යාල 17 නියෝජනය වන පරිදි ආචාර්ය-මහාචාර්යවරුන් 1131ක් මේ වන විට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට මතවාදීව සිය සහය පළ කරමින් ඔහු වටා එකට ඒකරාශී වී සිටිති.

මෙම විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් 1131 "රට ගොඩනගන නුවණ" යන තේමා පාඨය යටතේ "සමගි බුද්ධි මණ්ඩපය" ලෙස සමගි ජන බලවේගය යටතේ සන්ධාන ගත වී සිටින අතර එම "සමගි බුද්ධි මණ්ඩපයේ" පළමු වාර්ෂික සම්මේලනය කොළඹ "Shangri-La" හෝටලයේ දී 2024 අප්‍රේල් මස 07 වැනිදා සවස 4.00 ට අභිමානවත් ලෙස සැමරේ.

"සමගි බුද්ධි මණ්ඩපයේ" සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ආර්ථික සහ සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා කටයුතු කරන අතර එහි මහා ලේකම්වරයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුවේ, දේශපාලන විද්‍යාව පිළිබඳ ආචාර්ය එස් බාස්කරන් මහතා ද, ජාතික සම්බන්ධීකාරක ලෙස දර්ශනපති රන්ජන් බණ්ඩාර මහතා ද කටයුතු කරති.

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සංවාද සංසදය ලෙස ක්‍රියා කරන ජාතික බුද්ධි මණ්ඩපයේ වගකීම සහ කාර්ය භාරය වන්නේ එම පක්ෂයේ පාලනයක් යටතේ ආර්ථික, දේශපාලනික, සමාජ, සංස්කෘතික සහ භූ දේශපාලනික වශයෙන් රට ගොඩනගා ජනතාව සවි බල ගැන්වීමට අදාළව ප්‍රතිපත්ති සකස් කිරීම වේ.

තවත් විශ්ව විද්‍යාල ආචාර්ය-මහාචාර්යවරුන් රැසක් "සමගි බුද්ධි මණ්ඩපය" සමග එක් වෙමින් ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මතවාදීව සිය සහය පළ කිරීමට සූදානමින් සිටින බව "lankanewsweek" සමග පැවසූ එහි  ජාතික සම්බන්ධීකාරක දර්ශනපති රන්ජන් බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක් සතු විශාලතම "බුද්ධි කවය" "සමගි බුද්ධි මණ්ඩපය" වන බව ද සඳහන් කළේය.  

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment